"කවුරු හරි මගෙන් රායේල් ගැන ඇහුව්වොත්…” "ඉක්ෂාගෙයි රායේල්ගෙයි එෆෙයා එක හැමෝම දන්නවානේ… ඔයාගෙන් ඩිවෝස් වුණාට පස්සේ රායේල් ඉක්ෂා එක්ක ජීවත් වෙන්න ගියා කියන්න…
ඔයා එතැනින් එහාට මුකුත් දන්නේ නැහැ කියන්න…” අවසානයේ යෝලී ඉක්ෂාගේ සහ රායේල්ගේ සිරුරු ද්විත්වය වළ දැමු ඕක් ගස පාමුල දෙස බලා ඇසූ පැනයට ද තීනුර් පිළිතුරු බැන්දේ කිසිදු කලබලයකින් තොරව යි. ඉන් යුවතිය තීනුර් වෙත හෙළුවේ පුදුම සහගත බැල්මකි.
මක්නිසාද මෙතරම් දෙයක් සිදු වී තිබූ කල ,ඒ වතේ වෙහෙසකර බවක් හැරුනු කොට කිසිදු ආකාරයේ බියක් කලබලයක් හෝ පසුතැවිල්ලක් නොවූ බැවිනි.ඉතින් ඒ වදන්හී වූ දැඩි විශ්වාසය නිසාම යුවතිය සිය අනාගතයට වඩා අතීතය පිළිබඳව කුතුහලය දැඩි විය.
Kala Rekhawa - කාල රේඛාව
- Publisher: Mathaka Publishers - මතක ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Devindi Kaushalya - දේවින්දි කෞෂල්‍යා
- ISBN: 9786246523145
- Availability: Available
-
Rs. 1,500.00